2024 පළමු දා ලොව වටා එක් වටයක්

 සොදුරු මෙන්ම අදුරු මතකයන් එක්කරමින් ගෙවී ගිය 2023 වසර අවසන් වීමට අපට තව ඇත්තේ හෝරාවකටත් අඩුකාලයකි.

මේ ගත වන්නේ විවිධ අභියෝග අතරින් ගෙවී ගිය 2023 වසරේ අවසන් විනාඩි කිහිපයයි.

කෙසේවුවද ලොව පළමු නව අවුරුදු උදාව සිදුවූයේ  කිරිබති ඇතුලු ෆැසිපික් සාගර දූපත් වාසීන්යටය. ඔවුන් නව වසරේ අසිරිය විදගන්නා මොහොත වනවිට අපි 31 දා පස්වරු 3.30  කාලය ගතකරමින් සිටිමු.

නවසීලන්තයද ලොව පළමුව නව වසර උදාවන රටවල් අතරට අයත්ය. ශ්‍රී ලංකාවෙි වෙලාවෙන් 31 දා  පස්වරු 4.30 වනවිට එරට වාසීන් නව අවුරුද්ද සමරමින් සිටිති.

ලොව පළමුව නව වසර උදාවූ  මහද්වීපය ඕස්ට්‍රේලියාවයි. වර්ණවත් සැණ කෙළිවලින් විසිතුරු මල්වෙඩි සංදර්ශන පවත්වමින් ඔවුන් නව වසර පිලිගතේ මහත් ප්‍රීත්‍රියෙණි.

2023 වසර උදාවූ පළමු ආසියානු රට ජපානයයි. ඔවුන් නව වසර උදාව පිලිගැනීමට පාරම්පරික සිරිත්විරිත් මෙන්ම නූතන තාක්ෂණයේ විශ්මයන්ද එක්කරගෙන තිබිණි.

අදුරු මහද්වීපයට සොදුරු වසරක මග එලි කරමින් අප්‍රිකාවට අයත් සීෂෙල්ස් දූපත් වාසීන්ට පළමුව නව වසර උදාවීමට නියමිතව ඇත. ඔවුන් එම සුවිශේෂී දිනය සැමරීමට විවිධ චාරිත්‍ර ඉටුකිරීමට මෙන්ම විසිතුරු සංදර්ශන සදහා සූදානම්ව සිටිති.

එය එසේවුවද අප්‍රිකානු මහද්වීපයේ ඉතියෝපියාවටනම් 2023 උදාවීමට තව බොහෝ කාලයක් බලාසිටීමට සිදුවනු ඇත. මාසයට දින 31 ක් ඇති ඔවුන්ගේ දින දර්ශනයට අනුව තවමත් ඔවුන් පසුවන්නේ 2018 වීම එයට හේතුවයි.

සීතල යුරෝපය යුද්ධයෙන්  උණුසුම් කළ  රුසියාවේ මොස්කව් නගරයට පළමු නව වසර උදාවෙයිි.තවමත් පහව නොගිය යුද්ධයේ සෙවණැලි දකිමින් ඔවුන් නව වසරේ අසිරිය විද ගැනීම සදහා විසිතුරු සැණකෙළි සූදානම් කර ඇත..මිසයිල මෙන්ම මල් වෙඩිද ඔවුන්තේ දෑතේ ට රැදෙන බව ඔවුන් අද ලෝකයට පසක් කරණු ඇත.

දකුණු ඇමරිකානු මහද්වීපයේ පළමු නව වසරේ පහස විඳ ගනුයේ බ්‍රසීලයයි.විවිධ උත්සව වලට අමතරව දකුණු  ඇමරිකානු රටවල් නව වසර පිලිගැනීමට ඉතා සුවිශේෂී චාරිත්‍රයක්ද අත්විදිති .මිදි ගෙඩි 12 තමා සන්තකයේ තබා ගනිමින් නව වසර උදාවත් සමගම ඔවුන් ඒ වා එකින් එක අනුභව කරති.

උතුරු ඇමරිකාවේ කැනඩාවාසීන්ට පළමුව නව වසරේ අසිරිය විද ගැනීමේ සුවිශේෂ අවස්ථාව හිමිවන අතර ඔවුන් ඒ සදහා මහත් සැණකෙළි සූදානම් කරමින් සිටිති.

කෙසේවුවද නව අවුරුදු උදාව අවසානයේ අත් විඳීමට සිදුවන්නේ සමෝවා දූපත් වාසීන්ට වීමද අරුමයකි.ලොවට නව වසර උදාවී පැය 26ක කාලයක් ගත වෙනතෙක්ම ඔවුන්ට ඒ වෙනුවෙන් බලා සිටීමට සිදුවීම එම සුවිශේෂ සිදුවීම සේ සැලකේ.