උදුවප් පොහොය දින ශ්‍රී පාද සමය ඇරඹෙයි.

උදුවප් පොහොය සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද(26) ආරම්භ කෙරිණි.

සිරිත් පරිදි ගල්පොත්තාව රජ මහ විහාරයේ තැන්පත්කර තිබූ සදාතුක කරඩුව ,සුමනසමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ උඩ මළුව වෙත වැඩම කර වීම අද උදෑසන සිරිත් පරිදි සිදුකෙරණි.

මෙවර වන්දනා කටයුතු 2024 මැයි 23 වෙසක් පොහොය දින දක්වා පැවැත්වෙයි.