යක්ෂයා  එලවන හැලොවින් අදයි.

යුරෝපයේ කිතුණු ජනතාව නපුරු ආත්ම පලවාහැරීම සදහා සිදුකෙරෙන විශේෂ චාරිත්‍රයක් මෙන්ම උත්සවයක්වූ හැ ලො වින් අදට (31) යෙදී ඇත.

ඔක් 31 දිනය ගිම්හානයේ අවසන් දිනය මෙන්ම අස්වැන්න  නෙලීමේ නිමාවත් සනිටුවහන් කෙරෙයි. එදිනම අදුරු ශීත ඝෘතුවේ ආරම්භය සිදුවන බැවින් ඒ සමග පැමිනෙන නපුරු ආත්ම පලවා හැරීම මෙන්ම ඔවුන්ගෙන් නෙලාගත් අස්වැන්න රැකගැනීම සදහා සිදුකෙරෙන උත්සවයක් ලෙස හැලොවින් ආරම්භ කර ඇත.

රාත්‍රිය පුරා  ගිනි මැල දැල්වීම මෙන්ම මළවුන් බිය වැද්දීමට යක්ෂයන් මෙන් ඇදුමින් පැලදුමින් සැරසීමද අද දිනයේ විශේෂතා වෙයි.

කෙසේවුවද මේ වනවිට ලොව පුරා හැලොවින් සැමරීම සම්ප්‍රධායික මෙන්ම විනෝද ජනක උත්සවයක් බවට පත්ව ඇත.

එසේම මේ වනවිට හැලෝ වින් වානිජ පරමාර්ත වෙත නතුවෙමින් පවතී.